free web stats

අවුරුදු නැකත් සීට්ටුව කඩි­න­මින් රටට ඉදි­රි­පත් කරනවා

අවු­රුදු නැකත් සකස් කිරී­මට දායක වන සියලු පාර්ශ්ව ඒක­රාශි කර­ග­නි­මින් 2026 සිංහල හා දෙමළ අලුත් අවු­රුද්ද සඳහා එක් නැකත් සීට්ටු­වක් ප්‍රකා­ශ­යට පත් කරන බව බුද්ධ ශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු නියෝජ්‍ය ඇමැති ගම­ගෙ­දර දිසා­නා­යක මහතා පව­සනවා.

ඒ සඳහා සියලු පාර්ශ්ව එක්ක­ර­ගෙන විධි­මත් සාක­ච්ඡා­වක් පව­ත්වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරේදා (10) පැවැති මාධ්‍ය හමු­ව­කදී පැවසූවා .

මෙවර රජ­යෙන් නැකත් සීට්ටු­වක් ඉදි­රි­පත් නොක­රන බවට විවිධ පාර්ශ්ව පද­නම් විර­හිත ප්‍රකාශ ඉදි­රි­පත් කර ඇති බව පැවසූ නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා, එහි කිසිඳු සත්‍ය­තා­වක් නැති බවද ප්‍රකාශ කළා.

සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ නැකත් කමි­ටුව සමඟ සාකච්ඡා කර ඊට අදාළ සියලු ජ්‍යොතී­ර්වේ­දීන් කැඳවා විධි­මත්ව සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­ම­ටත් ඉන්ප­සුව මෙවර අලුත් අවු­රුදු නැකත් සීට්ටුව රටට ඉදි­රි­පත් කිරී­මට අවශ්‍ය පිය­වර කඩි­න­මින් ගන්නා බවත් ඔහු වැඩි­දු­ර­ටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *