free web stats

T20 ලෝක ශූරයින්ට ලැබුණු ව්ශාල ත්‍යාග මුදල මෙන්න

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් එක් කණ්ඩායම් දැක්වූ දක්ෂා මත ප්‍රදානය කළ ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කර ඇත.

අවසන්වරට 2024 වසරේ පැවති අදියරේ ලබාදුන් ත්‍යාග මුදලට වඩා වාර්තාගත අගයකින් මෙවර ත්‍යාග මුදල් වටිනාකම ඉහළ දමා තිබීම සුවිශේෂීය.

ඒ අනුව ලෝක ශූරයන් බවට පත්වූ ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 2,639,423ක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 82කට වැඩි මුදලක් ප්‍රදානය කර ඇත.

අනුශූර නවසීලන්තයටද ඩොලර් 1,422,692ක් හෙවත් රුපියල් කෝටි 44කට වැඩි මුදල් ත්‍යාගයක් පිරිනමා තිබේ.

මේ අතර සුපරි 8 වටයට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකාව මෙරට මුදලින් රුපියල් කෝටි 14කට (ඩොලර් 475,962) වැඩි මුලදක් ලබාදීමට ICCය තීරණය කර ඇත.

එක් එක් කණ්ඩායම් දැක්වූ ජයග්‍රහණය අනුව ත්‍යාග මුදල් බෙදා හැරීම (අමෙරිකානු ඩොලර්)

ඉන්දියාව – ඩොලර් 2,639,423
නවසීලන්තය – ඩොලර් 1,422,692
දකුණු අප්‍රිකාව – ඩොලර් 1,005,577
එංගලන්තය – ඩොලර් 974,423
බ.ඉ. කොදෙව් – ඩොලර් 538,269
පාකිස්තානය – ඩොලර් 522,692
සිම්බාබ්වේ – ඩොලර් 491,538
ශ්‍රී ලංකාව – ඩොලර් 475,962
ඇෆ්ගගනිස්තානය – ඩොලර් 309,808
ඔස්ට්‍රේලියාව – ඩොලර් 309,808
අමෙරිකාව – ඩොලර් 309,808
ස්කොට්ලන්තය – ඩොලර් 278,654
අයර්ලන්තය – ඩොලර් 271,731
ඉතාලිය – ඩොලර් 256,154
නෙදර්ලන්තය – ඩොලර් 256,154
UAE – ඩොලර් 256,154
නේපාලය – ඩොලර් 256,154
කැනඩාව – ඩොලර් 225,000
නැමීබියාව – ඩොලර් 225,000
ඕමානය – ඩොලර් 225,000

Leave a Reply

Your email address will not be published. Required fields are marked *