free web stats

උත්සව කාලයේ දී අන්තර්ජාල දැන්වීම් ගැන පරිස්සමෙන්

එළඹෙන උත්සව සමයේ දී අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනවා.

CERT හි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කරන්නේ මේ වසරේ ගත වූ මාස දෙක තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට වෙත වාර්තා වූ බවයි.

ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේ පැමිණෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ විවිධ වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලෙස පෙන්වමින් ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ සම්බන්ධතා අන්තර්ජාලය හරහා පැතිර යාමේ අවදානම වැඩි බවයි.

එවැනි මාර්ග ඔස්සේ පරිශීලකයින් ව්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරමින් පරිශීලකයින්ගේ පෞද්ගලික තොරතුරු සහ වැදගත් දත්ත සොරා ගැනීමේ අවදානමක් පවතින බවද ඔහු පවසනවා.

වෙසක් සහ පොසොන් උත්සව මෙන්ම විවිධ පොහොය උත්සව ඉලක්ක කර ‘පොසොන් මහා ඩේටා දන්සල’ වැනි විවිධ උපක්‍රමයන් යටතේ ද පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමේ වංචා ක්‍රියා සිදුවිය හැකි බවද ඔහු පැවසුවා.

මේ නිසා අන්තර්ජාලය හරහා ලැබෙන විවිධ සම්බන්ධතා, වෙළෙඳ දැන්වීම් වෙත පිවිසීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *