free web stats

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති දිවයිනට

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා අද (23) අළුයම දිවයිනට පැමිණියා.

සභාපතිවරයා අද (23) දිනයේ කොළඹ වරාය පාලක මැදිරිය නිරීක්ෂණය කිරීමටද නියමිතව ඇති අතර දහවල් පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමග විශේෂ දිවා භෝජන සංග්‍රහයට සහභාගී වනු ඇත.

ඔහු අද (23) පස්වරුවේ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික මෙහෙයුම් කාර්යාලයේ පිළිගැනීමේ උත්සවයකට සහ කාර්ය මණ්ඩල හමුවකට ද එක්වීමට නියමිතයි.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා හෙට දිනයේ “දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ හානි නිරීක්ෂණය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා, ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට(24) පස්වරුවේදීයි.

සභාපතිවරයා අනිද්දා(25) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *