ඉන්ධන මිල වැඩි කළේ සමාගම් සතුටු කරන්නයි
ආණ්ඩුව ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස වැඩි කළේ IOC සමාගම සහ සයිනොපෙක් සමාගම සතුටු කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (22) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූවේ,
“දුප්පත් ජනතාව නියෝජනය කරන ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් රට පාලනය කරනවා නම්, ඉන්ධන ලීටරයකින් ආණ්ඩුව අය කරන බදු මුදලින් යම් ප්‍රමාණයක් හෝ අඩු කරන්න කටයුතු කළ යුතුයි. ඊයේ දිනයේදී බොහොමයක් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම නතර කර තිබුණා.
ජනතාව ගැන හිතනවා යැයි කියූ ආණ්ඩුව ජනතාව සතුටු කරන්න ඉන්ධන මිල ශීඝ්‍ර ලෙස වැඩි කළා. කෙසේ නමුත් පෞද්ගලික සමාගම්වලට අවශ්‍ය පරිදි රට පාලනය කරන බාල ආණ්ඩුවක් බව ජාතික ජනබලවේග ආණ්ඩුව මේ වනවිට පත්ව තිබෙනවා. රටේ දුප්පත් ජනතාව පිළිබඳව කිසිදු සංවේදීභාවයක් නොමැති, තෙතමනයක් නොමැති ආණ්ඩුවක් බවට ජාතික ජනබලවේග ආණ්ඩුව අද වන විට පත්ව තිබෙනවා.

