free web stats

කුසල් ජනිත් පාකි­ස්තාන ලීග් තර­ගා­ව­ලි­යට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යමේ ආර­ම්භක පිති­කරු කුසල් ජනිත් පෙරේරා ශාරී­රික යෝග්‍යතා සහ­ති­ක­යක් නොමැ­ති­වම පාකි­ස්තාන සුපර් ලීග් තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­වීම සඳහා කරච්චි බලා පිටත්වගොස් තිබෙනවා.

නිමා­වට පත් වූ ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව තව­දු­ර­ටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යමේ තේරීම් සඳහා සලකා බැලී­මක් නොක­රන බවට තේරීම් කමි­ටුව දැනුම්දී ඇති බැවින් කුසල් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත් ක්‍රීඩක ලැයි­ස්තු­වෙන් ඉව­ත්වන බව ද සඳ­හන් වෙනවා.

එබැ­වින් ඔහුට යෝග්‍යතා පරී­ක්ෂ­ණය අදාළ නොවන බව පවසා පාකි­ස්තාන සුපර් ලීග් තර­ගා­ව­ලි­යට එක්ව තිබෙනවා.

කුසල් පෙරේරා පාකි­ස්තාන සුපර් ලීගයේ හයි­ද්‍රා­බාද් කිංග්ස්මන් කණ්ඩා­ය­මට එක්ව ඇති අතර, එම පිලට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමඟ මානස් ලැබු­ස්චේන් සහ ග්ලෙන් මැක්ස්වෙල් වැනි විදේ­ශීය ක්‍රිකට් තරු එක්ව සිටිනවා.

අයි­පී­එල් හා පීඑ­ස්එල් තර­ග­ව­ලට සහ­භා­ගී­වී­මට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන් යෝග්‍යතා සහ­තික ලබා ගැනීම අනි­වාර්ය කොට තිබූ අතර, වනිඳු හස­රංග, නුවන් තුෂාර සහ මතීෂ පති­රණ වැනි ක්‍රීඩ­ක­යන්ට තව­මත් එම යෝග්‍යතා සහ­තික නිකුත් කොට නොමැත.

කුසල් පෙරේරා පාකි­ස්තාන සුපර් ලීග් වෙන්දේ­සි­යට ඇතු­ළත් වූ අතර, එහිදී හයි­ද්‍රා­බාද් කිංග්ස්මන් පිල පාකි­ස්තාන රුපි­යල් මිලි­යන 31කට (ශ්‍රී ලංකා රුපි­යල් මිලි­යන 35ක්) තෝරා ගත්තා.

2025 වාර­යේදී ලාහෝර් කල­න්ඩර්ස් කණ්ඩා­යම වෙනු­වෙන් කුසල් පෙරේරා පළමු වරට ක්‍රීඩා කළ අතර, එහිදී ඉනිම හත­රක් තුළ අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 170ක් ලබා 56.67ක සාමා­න්‍ය­යක් පවත්වා ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *