free web stats

අයි.ඩී.එච්. රෝහලේ 100 වැනි සංවත්සරයට ප්‍රදර්ශනයක්

අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යා­ය­ත­නය ආරම්භ කර මේ වන විට වසර 100ක් සපි­රීම නිමි­ත්තෙන් අද (26) සහ හෙට (27) යන දෙදින තුළ බෝවන රෝග පිළි­බ­ඳව අධ්‍යා­ප­නික ප්‍රද­ර්ශ­න­යක් රෝහල් පරි­ශ්‍රය තුළ පැවැ­ත්වී­මට නිය­මි­තයි.

රටෙහි වර්ත­මාන තත්ත්වය සැල­කි­ල්ලට ගනි­මින් විශේෂ උත්සව සැම­රී­මක් සිදු නොකි­රී­මට තීර­ණය කර තිබෙනවා.

අයි.ඩී.එච්. උණ රෝහල යන නමින් 1926 වසරේ පෙබ­ර­වාරි 16 වැනි දින මෙම රෝහල ආරම්භ කර ඇත්තේ යට­ත්වි­ජිත පාලන කාලය තුළ­දීවේ.

එකල සීග්‍ර­යෙන් පැතිර ගිය වසූ­රිය, කොළ­රාව, මැලේ­රියා උණ සන්නි­පා­තය ආදි රෝග සඳහා මෙම රෝහල ආරම්භ කෙරුණු අතර වර්ත­මා­නයේ 2009 වස­රේදී එය ජාතික බෝවන රෝග විද්‍යා­ය­ත­නය ලෙසින් නම් කරනු ලැබුවා.

බෝවන රෝග වාට්ටු­ව­ලට අම­ත­රව ඩෙංගු රෝගීන් සඳහා වෙනම වාට්ටුද මෙහි තිබෙනවා.

උණ රෝහ­ලට අම­ත­රව මූලික රෝහ­ල­කින්ද මෙය සම­න්විත වෙනවා.

වර්ත­මා­නයේ මෙහි රෝහල් අධ්‍ය­ක්ෂ­ව­රයා වශ­යෙන් සේවය කරනු ලබන්නේ විශේ­ෂඥ වෛද්‍ය අරුණ ප්‍රසාන් සන්ද­නා­යක මහ­තායි.

අද (26) දින රෝහලේ පැවැ­ත්වෙන ප්‍රද­ර්ශ­නය සඳහා මෙම රෝහලේ හිටපු අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද විජේ­වි­ක්‍රම මහතා ඇතුළු කිහි­ප­දෙ­නකු සහ­භාගි වීමට නිය­මි­තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *