අයි.ඩී.එච්. රෝහලේ 100 වැනි සංවත්සරයට ප්‍රදර්ශනයක්
අයි.ඩී.එච්. ජාතික බෝවන රෝග විද්‍යායතනය ආරම්භ කර මේ වන විට වසර 100ක් සපිරීම නිමිත්තෙන් අද (26) සහ හෙට (27) යන දෙදින තුළ බෝවන රෝග පිළිබඳව අධ්‍යාපනික ප්‍රදර්ශනයක් රෝහල් පරිශ්‍රය තුළ පැවැත්වීමට නියමිතයි.
රටෙහි වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශේෂ උත්සව සැමරීමක් සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
අයි.ඩී.එච්. උණ රෝහල යන නමින් 1926 වසරේ පෙබරවාරි 16 වැනි දින මෙම රෝහල ආරම්භ කර ඇත්තේ යටත්විජිත පාලන කාලය තුළදීවේ.
එකල සීග්‍රයෙන් පැතිර ගිය වසූරිය, කොළරාව, මැලේරියා උණ සන්නිපාතය ආදි රෝග සඳහා මෙම රෝහල ආරම්භ කෙරුණු අතර වර්තමානයේ 2009 වසරේදී එය ජාතික බෝවන රෝග විද්‍යායතනය ලෙසින් නම් කරනු ලැබුවා.
බෝවන රෝග වාට්ටුවලට අමතරව ඩෙංගු රෝගීන් සඳහා වෙනම වාට්ටුද මෙහි තිබෙනවා.
උණ රෝහලට අමතරව මූලික රෝහලකින්ද මෙය සමන්විත වෙනවා.
වර්තමානයේ මෙහි රෝහල් අධ්යක්ෂවරයා වශයෙන් සේවය කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය අරුණ ප්‍රසාන් සන්දනායක මහතායි.
අද (26) දින රෝහලේ පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා මෙම රෝහලේ හිටපු අධ්යක්ෂවරයකු වන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු කිහිපදෙනකු සහභාගි වීමට නියමිතයි.

