free web stats

මෙවර සිංහල අවු­රුද්ද කන්න වෙන්නේ නැහැ

ආණ්ඩුවේ ප්‍රසා­දය සහ අප්‍ර­සා­දය මනින්න පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්විය යුතු බව කළු­තර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළා.

“එදා ගෝඨා­භය රාජ­පක්ෂ එළවා දැම්මා. ගම­කුත් හදා ගත්තා. ගෝඨා එළ­වන දවස වන­විට හාල් කිලෝව 190ක් වෙනවා. අද සම්බා 400ක් වෙනවා. අද පරිප්පු 360 ක් වෙනවා. මුංඇට 1000ක් වෙනවා. ගෑස් එක 4765ක් වෙනවා. ජන­තාව බලා­පො­රොත්තු වුණේ මොකක් ද. අපි සිටිය ආණ්ඩුවේ වැරදි තිබුණා. ඒ ආණ්ඩුව ගෙදර යැව්වේ ජන­තා­වට තිබුණු මේ බරින් නිද­හස් වෙන්නයි. ගෙදර කුස්සියේ තත්ත්ව­යෙන් නිද­හස් වෙන්නයි. නමුත් සිදුව තිබෙන්නේ කුමක්ද. මේවා ගැන අපේ අව­ධා­නය යොමුව තිබෙ­නවා. ජන­ග­හ­න­යෙන් සිය­යට 33ට හරි­හැටි කෑමක් නැහැ කිය­නවා. ආණ්ඩුවේ ප්‍රසා­දය සහ අප්‍ර­සා­දය මනින්න පළාත් සභා මැති­ව­ර­ණය පව­ත්වන්න කියා ඉල්ල­නවා. ආණ්ඩුව කිය­නවා බල­ශක්ති අර්බු­දය නිසා රෑට කරන වැඩේ දවල්ට කරන්න කියලා. ඒ වගේම වැඩි­පුර නාන්න එපා කිය­නවා. මේ රටේ තෙල් ගණන් ගිහින් තිබෙ­නවා. මෙවර සිංහල අවු­රුද්ද කන්න වෙන්නේ නැහැ. ඒ තර­මට ජන­තා­වගේ ආර්ථි­කය වැටී තිබෙ­නවා. අද ආණ්ඩුව සහන දෙන්න පිය­රව ගෙන තිබෙ­නවා. ධීව­ර­යන්ට ලබා­දෙන සහන ගැනත් කතා කළා. මේ වන විට බදු පිට බදු ගහලා තිබෙ­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *