free web stats

මේ දිනවල උණුසුම ගැන අවදානයෙන් ඉන්න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවවාදාත්මක නිවේදනයකින් ජනතාවට දැනුම් දෙන්නේ පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා අනුව ප්‍රදේශ රැසක උණුසුම් දර්ශකය , එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතී.

ඒ සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර මට්ටමය.

තවද, මෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 සිට 52 දක්වා ඉහළ ගියහොත් “වැඩි අවධානය යොමුකළ යුතු” තත්ත්වයක් ලෙසත්, 52 ඉක්මුවහොත් “අනතුරුදායක” මට්ටමක් ලෙසත් වර්ගීකරණය කරන බවද සඳහන් වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, ඊයේ (27) දිනයේ වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 37.8ක් ලෙස දැක්වේ.

කාලගුණ ව්ද්‍යා දෙපාර්තමෙන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසූ අදහස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *