free web stats

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට තියුණු පරා­ජ­යක්

අසේනි තල­ගුණේ සහ නෙත්මි උපේ­ක්ෂාගේ සට­න්කාමී පන්දු යැවීම අප‍තේ යව­මින් ඔස්ට්‍රේ­ලි­යානු අවු­රුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම සමඟ ඊයේ පැවති එක්දින තර­ග­යෙන් ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට කඩු­ල්ලක තියුණු පරා­ජ­යක් අත්විය.

බ්‍රිස්බේන්හි ඉයන් හීලි ඕවල් පිටියේ ඊයේ පැවති මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.3කදී ලකුණු 174කට දැවී ගිය අතර, එම ඉල­ක්කය හඹා ගිය ඔස්ට්‍රේ­ලි­යානු පිල කඩුලු 9ක් දැවී ඉල­ක්කය සපුරා ගත්තේ ඕවර 43.1කදීයි.

ඔස්ට්‍රේ­ලි­යානු මුල් කඩුලු 3 ලකුණු 54ක් තුළ බිඳ­වැ­ටුණ ද අංක 4 පිති­කා­රි­නිය වූ ඉන්දිරා පැනෙලි ලකුණු 59ක් රැස් කර­මින් ඉනිම ලකුණු 161ක් දක්වා ඉදි­රි­යට ගෙන ගියාය. කෙසේ වෙතත් ඇයත් සමඟ කඩුලු 4ක් ලකුණු 4ක් තුළ බිඳ­ද­ම­මින් අසේනි සහ නෙත්මි තර­ගය යළිත් ශ්‍රී ලංකා පිල දෙසට හරවා ගත්තා.

එහෙත් නොදැ­වුණු ඉනි­මක් ක්‍රීඩා කළ ඇලිසා ඩර්මෝඩි ලකුණු 37ක් රැස් කර­මින් ඔස්ට්‍රේ­ලි­යානු ජය තහ­වුරු කිරී­මට සමත් වූවා.

දක්ෂ පන්දු යැවී­මක නිරත වූ අසේනි තල­ගුණේ ලකුණු 42කට කඩුලු 5ක් බිඳ­දැමූ අතර, නෙත්මි උපේක්ෂා ලකුණු 5කට කඩුලු 2ක් දවා ගත්තා.

පළ­මුව පන්දු­වට පහර දුන් ශ්‍රී ලංකා ඉනි­මේදී විමෝක්ෂා බාල­සූ­රිය ලකුණු 25ක් රැස් කර­මින් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූ අතර, උම­යං­ගනා පීරිස් සහ චමෝදි හේරත් ලකුණු 20ක් බැගින් ඉනිම එක් කළා.

කෙසේ වෙතත් ඔස්ට්‍රේ­ලි­යානු පන්දු යව­න්නි­යන් ලබා දුන් අති­රේක ලකුණු 35 හේතු­වෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 174 සීමා­වට පිවි­සී­මට හැකි විය.

පන්දු යැවී­මේදී මියා බාර්වික් කඩුලු 3ක් සහ ඉරා අයෙරි කඩුලු 2ක් දවා ගත්තා.

මේ තර­ග­යත් සමඟ තුන්කොන් එක්දින තර­ගා­ව­ලිය නිමා වූ අතර, ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනි­මින් ඔස්ට්‍රේ­ලි­යාව ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මු­ණට පත් විය.

එංග­ල­න්තය පම­ණක් පරා­ජය කළ ශ්‍රී ලංකා පිලට දෙවැනි තැන හිමි විය.

මේ කණ්ඩා­යම් 3 අතර විස්සයි20 තර­ගා­ව­ලිය අනිද්දා (11) ආරම්භ වන අතර, ශ්‍රී ලංකා පිල 12 වැනිදා එංග­ල­න්ත­යට එරෙ­හිව පළමු තර­ග­යට එක් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල – 174 (ඕවර 49.3) විමෝක්ෂා බාල­සූ­රිය 25, උම­යං­ගනා පීරිස් 20, චමෝදි හේරත් නොදැවී 20, ශෂිනි ගිම්හානි 19, සංජනා කාවින්දි 19, යෂාලි ජිතාරා 16 (මියා බාර්වික් 22/3, ඉරා අයෙරි 29/2, එමිලි පවෙල් 4/1, ෆිලිප්පා සූසී 23/1, අයකා කැටෝ-ස්ටැෆර්ඩ් 26/1, ආවා ඩ්රරි 28/1)

ඔස්ට්‍රේ­ලියා යොවුන් කාන්තා පිල – 175/9 (ඕවර 43.1) ඉන්දිරා පැනෙලි 59, ඇලිසා ඩර්මෝඩි නොදැවී 37, අයිලා ජොන්සන් 20, ෂිලෝ ජූලි­යන් 18(අසේනි තල­ගුණේ 42/5, නෙත්මි උපේක්ෂා 5/3, චමුදි ප්‍රබෝධා 33/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *