free web stats

යුක්‍රේනයේ වෙඩි තැබීමකින් 6දෙනෙකු මරුට

යුක්‍රේනයේ කියෙව් අගනුවර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

කිසියම් පුද්ගලයෙකු පැමිණ මාර්ගයේ සිටි පුද්ගලයින් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව වෙඩික්කරු අසල පිහිටි සුපිරි වෙළදසැලක් තුළට ද ගොස් ඇති බව සඳහන්.

ඉන් අනතුරුව පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමෙන්, වෙඩි තැබීම සිදුකළ සැකකරු ද මියගොස් ඇති බව සඳහන් වෙනවා.

මේ අතර වෙඩි වැදීමෙන් 12 හැවිරිදි දරුවෙකු ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *