free web stats

මරණයෙන් කෙළවර වූ ඔට්ටුව

බලංගොඩ, සීතගල හංදිය ප්‍රදේශයේ දී පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

රුපියල් 2000ක ඔට්ටුවක් හේතුවෙන් බූරු පොළක ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා රත්නපුර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය⁣ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වන සීතගල රාස්සගල බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පිය – පුතු දෙපළක් එක්ව මෙම පහරදීම සිදු කර ඇති බව දැනට සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

කෙසේවෙතත් පහරදීමට අදාළව සැකකරුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම සිද්ධියට සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳාහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *