free web stats

යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේ­ලි­යා­වේදී අප­රා­ජිතයි

ඔස්ට්‍රේ­ලි­යාවේ පැවති යොවුන් කාන්තා කණ්ඩා­යම් අතර විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා ක්‍රීඩි­කාවෝ අප­රා­ජි­තව තර­ගා­ව­ලිය නිමා කළා.

පෙරේදා පැවැති ඔස්ට්‍රේ­ලි­යාව සමඟ දෙවැනි තර­ග­යෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල එංග­ලන්ත සහ ඔස්ට්‍රේ­ලියා කණ්ඩා­ය­ම්වල සහ­භා­ගි­ත්ව­යෙන් පැවැති තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලියේ එකම අප­රා­ජිත කණ්ඩා­යම බවට පත්වී­මට සමත් වූවා.

ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපේන් ඕවල් පිටියේ පැවැති තර­ගයේ ජයත් සමඟ ඉති­හා­සයේ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩා­ය­මක් ඔස්ට්‍රේ­ලි­යානු යොවුන් කාන්තා පිලට එරෙ­හිව වාර්තා කරන ලද 8 වැනි විස්සයි20 තරග ජය­ග්‍ර­හ­ණය වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය විසින් ක්‍රියා­ත්මක කරනු ලබන ජාතික ක්‍රිකට් සංව­ර්ධන ගමන් මඟ ‘ක්‍රිකට් ගමට’ වැඩ­ස­ට­හන යටතේ කොළ­ඹින් පිට පළාත් ක්‍රීඩි­කාවෝ 12ක් මෙම තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිල නියෝ­ජ­නය කළා.

ශ්‍රී ලංකා කාන්තා යොවුන් කණ්ඩා­යම සියලු දෙනා දැවී ලකුණු 99 (19.4)

ලිමන්සා තිල­ක­රත්න 35, ප්‍රමුදි මෙත්සරා 21 (ඉරා ආරේ 19/3, අමු­රෝරා මාවර්ස් 15/2, මියා බාර්වික් 20/2)

ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා යොවුන් කණ්ඩා­යම සියලු දෙනා දැවී ලකුණු 96 (19.5)

ඇලිසා ඩර්මොඩි 25, ශිලියා ජුලි­යන් 17, එමලි පවෙල් 15, චාර්ලි මක්ලෙ­නන් 17, (චමුදි ප්‍රබෝධා 22/3, අසේනි තල­ගුණේ 28/2, ශෂිනි ගිම්හානි 13/2, ලිමන්සා තිල­ක­රත්න 17/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *