free web stats

ගල්අඟුරු ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ කටයුතු අද ඇරඹෙයි

මෙරට සිදුවූ සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු අද ආරම්භ කෙරෙනවා.

එහි කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ, කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදීයි.

මෙරට සිදුවු සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පසුගියදා පත් කෙරුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනී.

කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේත්, මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්නත් පත් කර තිබෙනවා.

කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් පී.වී. බන්දුලසේනයි.

මෙරට ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වැනි දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ රජයට අයත් සීමාසහිත ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් මඟින් ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම එකී කොමිසමේ ප්‍රධාන කාර්ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *