මව ව්දින දුක නිසා කෙහෙලියට බුකියෙන් ස්තුතිය පුදකරපු පුතා
දැනට චෝදනා ලැබ සිට්න හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට fb එක තුළින් ස්තුතිය පුදකරම්න් පුතෙකු තැබූ සංවේදී සටහනක් සමාජ මාධ්‍ය තුළින් මේ වනවිට සංසරණය වනවා.
හිටපු අමාත්‍යවරයා කළ අක්‍රමිකතා නිසා අහිංසක මිනිස් ජීවිත තවත් කොතරම් මෙලෙසින් ජීවිතයෙන් වන්දි ගෙවනවා ඇතිද ?
මේ තම මව ව්දින දුක ගැන පුතෙක් ලියූ සංවේදී සටහනක්
උපුටා ගැනීම,
ස්තූතියි කෙහෙලිය රඹුක්වැල්..
උබ නිසා තාම ඇය දුක් විදිනවා..
අවුරුදුම කීයක් ද?
සැත්කම්ම කීයක්ද?
සියුම් ඇස පසා කල එන්නත් ම කීයක්ද?
උබ කීයක් හම්බ කලාද බාල pedricylon වලින්..
කල්ප කීයකට නිරයම ඉපයුවාද????
ඉස්සර මට උබ එක්ක තරහයි..
මූණට මුණ ගැහුනනම් මරන්න තරමට ම..
දැන් එහෙම නෑ..
උබ ගත්ත.. අපි දුන්නා.. සසර ගණුදෙනුව..
අම්ම ගෙවාවෙන ගෙවාගෙන යනවා..
එයා විදවනව තමා..
ඒත් එයත් දැන් තේරුම් අරන්..
අපි ගෙවල ඉවර කරනවා..
උබට ඕනනම් තව හම්බ කරපන්..
ඒත් මතක තියාගන්න..
උබටත් ගෙවන්නම වෙනවා..
සසර ගනු-දෙනුව..
උබ නිසා අපිනම් ගොඩක් ගෙවල ඉවරයි..
ඊයෙත් වාරිකයක් දැම්ම. ගම්පහ දී..
අදත් වාරිකයක් ගෙවන ගමන් රාජගිරියේ..
තව කීයක් ඉතුරු ද දන්නෙ නෑ..
හැබැයි මහත්තයෝ උබේ account එකනම් ගොඩාක් ලොකුයි..
ගෙවන්න ගන්න දාට උබට තේරෙයි..
පරිස්සමින්..
T.C B.S


