free web stats

සලේ තවදුරටත් රඳවුම් භාරයේ රඳවා ගැනීමට නියෝග – Update

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය මැයි මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ අතර, ඔහු තවදුරටත් රඳවුම් භාරයේ රඳවා ගැනීමටත් අධිකරණය නියම කළා.

සුරේෂ් සලේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *