free web stats

කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන්, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පවසනවා.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද (24) පෙ.ව. 6 වනවිට පිටාර මට්ටමේ සිට අඩි 50යි අඟල් 11ක් දක්වා පහළ බැස තිබේ.

කෙසේ නමුත් එම ජලාශයට ඊයේ (23) මිලිමීටර් 12ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද සඳහන්වේ.

එමෙන්ම කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමේ අඩි 40යි අඟල් 10ක් දක්වා පහළ බැස තිබේ.

එම ජලාශයටද ඊයේ මිලිමීටර් 14ක වර්ෂාපතනයක් ලැබී ඇති බව එහි භාර ඉංජිනේරුවන් පැවසූවා.

මේ අතර එම ජලාශ දෙකේම ජල මට්ටම පහළ බැසීමත් සමග, එම ජලාශ ඉදිකිරීමේදී මතුවූ නටඹුන් සහ දූපත් රැසක් මේ වනවිට යළි මතුවෙමින් තිබේ.

විමළසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂාපන, කැනියොන්, පොල්පිටිය යන ජලවිදුලි බලාගාරවල විදුලිය උත්පාදනය කිරීම ජලය ලබාගනු ලබන්නේ මෙම ජලාශයන්ගෙන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *