free web stats

ට්‍රම්ප් බ්ය වූ වෙඩ් සද්දේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙ­නවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වොෂින්ටන් හී වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වෙමින් තිබූ මෙම වාර්තාකරුවන්ගේ වාර්ෂික භෝජන සංග්‍රහය අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවයි.

දැඩි ලෙස සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් විසින් ජනාධිපති ට්‍රම්ප්ව ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන යාමට පියවර ගනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධව එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබෙනවා.

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු විදෙස් මාධ්‍යක් වෙත පවසා ඇත්තේ තුවක්කුවත් අතැති පුද්ගලයෙකු ආරක්ෂිත ලෝහ අනාවරක හරහා යාමට උත්සාහ දරා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *