දිගින් දිගටම ව්පක්ෂය ඉල්ලන විවාදයක් රජය ප්‍රතික්ෂේප කළා
මෙරට මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්දින විවාදයක් සඳහා විපක්ෂය කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
ඊයේ (27) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූවා.
“5 වෙනිදායින් ආරම්භ වෙන පාර්ලිමේන්තු සතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් අද කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෑතකදී වාර්තා වෙච්ච මුදල් අමාත්‍යාංශයේ සිදුවෙච්ච ආන්දෝලනාත්මක මුදල් ගනුදෙනුව සම්බන්ධව එක් දින පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන හැටියට විපක්ෂයෙන් අපි ඉල්ලීමක් කළා. නමුත් දිගින් දිගටම කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කළා.”

