free web stats

ශ්‍රී ලංකාව IMFදුන් ආදා­යම් ඉලක්ක අබි­බවා ගිහින්

ශ්‍රී ලංකාව සිය ආර්ථික පුන­ර්ජී­වන ගමන් මඟේ තීර­ණා­ත්මක සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින්, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල (IMF) ලබා දී තිබූ ආදා­යම් ඉලක්ක අබි­බවා යෑමට සමත්ව තිබෙනවා.

නව­තම වාර්තා­ව­ලට අනුව, රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර තිබෙ­නවා.

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ඇති කර­ගත් එක­ඟ­තා­වන්ට අනුව, රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 15ක මට්ට­මක පවත්වා ගත යුතු වුවද, ශ්‍රී ලංකාව එම සීමාව ඉක්මවා යමින් සාර්ථ­ක­ත්ව­යක් අත්ක­ර­ගෙන තිබේ.

2025 වසර වන විට රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 16.7ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත.

මෙය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල අපේක්ෂා කළ මට්ට­මට වඩා ඉහළ අග­යක් ගැනීම විශේ­ෂ­ත්ව­යකි.

මේ මූල්‍ය ප්‍රග­තිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාව­ර­ත්වය තහ­වුරු වන අත­රම, ජාත්‍ය­න්තර මූල්‍ය ආය­තන කෙරෙහි රට පිළි­බඳ පව­තින විශ්වා­සය තව­දු­ර­ටත් ශක්ති­මත් වීමට ද මෙය ප්‍රබල හේතු­වක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *