free web stats

තාරුකාට ලැබුණු මාලිනී ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම

ලාංකීය සිනමා වංශ කතාවේ නිලි රැජිනිය ලෙසින් විරුධාවලියලත් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව සිනමාවට නැගීම ගැන පසුගියදා කතා බහට ලක්වුණා.

ඒ පිළිබඳව ගුණ-දොස් විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයට වූ අතර කෙසේ නමුත් අවසානයේ එම චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරමින් නවලෝක ග්‍රවණාගාරයේදී අද එහි මුහුරත් උළෙල පැවැත් විය.

එහිදී නිලවශයෙන් මාලිනී ෆොන්සේකා මහත්මියගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ තාරුකා වන්නිආරච්චි බවට නිවේදනය කර තිබෙ­නවා.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අරුණ ජයවර්ධන වන අතර මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ජයන්ත ධර්මදාස විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *