T20 කාන්තා ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියාව පෙරමුණේ
කාන්තා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රසාද ලකුණු 287ක් සමඟින් තවදුරටත් පෙරමුණේ පසුවෙනවා.
ප්‍රසාද ලකුණු 275ක් සමඟින් එංගලන්ත කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන අතර තෙවන ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායම ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 264කි.
මෙම ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්ත කණ්ඩායම සිව් වන ස්ථානයෙත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම පස් වන ස්ථානයෙත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයාම හය වන ස්ථානයෙත් පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම එහි හත් වන ස්ථානයේ පසුවන්නේ, ප්‍රසාද ලකුණු 237ක් සමඟින්ය.
පාකිස්තාන කණ්ඩායම අට වන ස්ථානයට පත්ව ඇති අතර අයර්ලන්තය සහ බංග්ලාදේශය නව සහ දහය යන ස්ථානවල පසුවෙයි.

