free web stats

වියට්නාම ජනපති අද දිවයිනට

වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා සහභාගී වනු ඇති බව ද සඳහන්වේ.

වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.

මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *