ඉරානය ලබාදුන් ප්‍රතිචාරය ට්ම්ප් ප්‍රතික්ෂේප කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනාවලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව පවසමින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන පාකිස්තානය හරහා එවන ලද ටෙහෙරානයේ යෝජනාවට, යුද්ධය වහාම අවසන් කිරීම, අමෙරිකානු නාවික අවහිර කිරීම් නැවැත්වීම සහ ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට සහතික වීම ඇතුළත් වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් සිය Truth Social ගිණුමේ මෙසේ සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ “ඉරානයේ නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මම දැන් කියෙව්වා. මම ඒකට කැමති නැහැ – එය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි.” බවයි.
කරුණු 14 කින් සමන්විත අමෙරිකානු සංදේශයට ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සාරවත් කිරීම අත්හිටුවීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ප්‍රවාහනය යළි ස්ථාපිත කිරීම වැනි විධිවිධාන ඇතුළත් බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉරානය දිගින් දිගටම හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් සිටින අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ද තම කොන්දේසිවලට එකඟ වන ලෙස ටෙහෙරානයට බලපෑම් කිරීම සඳහා ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගෙන ඇත.
මෙම පියවර ඉරානයේ දැඩි කෝපයට හේතු වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

