අද සිට යළි උතුරට යන යාල්දේව් දුම්රිය
කොළඹ කොටුවේ සිට යාපනය, කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල්දේවි දුම්රිය ධාවනය අද (11)සිට නැවත ආරම්භ කරන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පසු ධාවනය නවතා තිබූ මේ දුම්රිය කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් ධාවනයට එක් කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම යාපනය, කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා යාල්දේවි දුම්රිය ධාවනය වන්නේ අඟහරුවාදා, බ්රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

