free web stats

දෙණියායේ වසා දැමූ පාසල් අද යළි විවෘත කෙරේ

පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් වසා දැමූ දෙණියායේ පාසල් හතර අද යළි විවෘත කරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සිට එලෙස වසා දැමුණේ, දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ ප්‍රාථමික අංශයයි.

මේ අතර පැතිර යන වෛරස් උණ රෝගය පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ක්‍රිසන්ත මහේන්ද්‍ර සඳහන් කළා.

දෙණියාය ප්‍රදේශයෙන් දැනට වාර්තාවී ඇති වෛරස් උණ රෝගය වැළඳුන රෝගීන් සංඛ්‍යාව 50 දෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *