දිලුම්ට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයෙන් හෙට කැඳවීමක්
සර්වජන බලයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කැඳවා තිබෙනවා.
ඒ පල්ලේගම හේමරතන හිමි විසින් අපයෝජනය කළ බව කියන අනුරාධපුරයේ දැරිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් දැරියට වාචික හිංසනයක් සිදුවූ බවට පොලීසියට ලද පැමිණිල්ලක් අනුවයි.
එනම් හෙට දින (25) සඳුදා ඔහු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය හමුවට කැඳවා ඇති බව ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

