free web stats

LPL ක්‍රිකට් තරු මිලදී ගන්නා තීර­ණා­ත්මක දිනය අද

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණ­කෙ­ළිය ලෙසින් හැඳි­න්වෙන ජාත්‍ය­න්තර සන්නා­ම­යක් බවට පත්ව ඇති ලංකා ප්‍රිමි­යර් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ක්‍රීඩ­ක­යන් තෝරා ගන්නා තීර­ණා­ත්මක හමුව අද (1) පස්වරු 1.30ට කොළඹ තරු පහේ හෝට­ල­ය­කදී පැවැත්වෙනවා.

මේ ක්‍රීඩක කෙටු­ම්පත සඳහා ක්‍රීඩ­ක­යන් 421ක් ඇතු­ළත්ව සිටින අතර, එයින් ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­යන් 179ක් සහ විදේ­ශීය ක්‍රීඩ­ක­යන් 242ක් සුදු­සු­කම් ලබා සිටිනවා.

ක්‍රීඩ­ක­යන්ගේ ප්‍රබ­ල­ත්වය අනුව ප්ලැටි­නම්, රන්, ක්ලැසික් හා නැඟී එන තරු ලෙස කාණ්ඩ කිහි­ප­ය­කට වර්ග කර තිබේ.

අද පැවැ­ත්වෙන ක්‍රීඩ­ක­යන් තෝරා ගන්නා තීර­ණා­ත්මක හමුව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්වෙන අතර, සියලු ෆ්‍රැන්ච­යිස් කණ්ඩා­යම් හිමි­ක­රු­වන්, කළ­ම­නා­ක­රු­වන්, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල­ධා­රීන් සහ ක්‍රිකට් පරි­ව­ර්තන කමිටු සාමා­ජි­ක­යන් එම අව­ස්ථා­වට එක් වීමට නිය­මි­තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *