free web stats

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද එංග­ල­න්තයට

එංග­ල­න්තයේ පැවැ­ත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුස­ලා­න­යට සහ­භාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද පෙර­වරු‍වේ එංග­ල­න්තය බලා පිටත්ව ගියා.

චමරි අත­ප­ත්තුගේ නාය­ක­ත්ව­යෙන් යුත් කාන්තා පිලට එක්ව සිටි දඟ පන්දු යවන ශෂිනි ගිම්හානි ආබා­ධ­යක් හේතු­වෙන් අව­සන් මොහොතේ ඉව­තට ගිය අතර, ඒ වෙනු­වට වේග පන්දු යවන චේතනා විමුක්ති කණ්ඩා­ය­මට එක්ව ඇත.

17 හැවි­රිදි ශෂිනි ගිම්හානි ස්කෑන් පරී­ක්ෂ­ණ­ය­කට ලක් කිරී­මෙන් අන­තු­රුව වෛද්‍ය ප්‍රති­කාර සඳහා යොමු කොට ඇත.

මේ මස 12 සිට ජූලි 5 දක්වා එංග­ල­න්තය සහ වේල්සය පුරා පැවැ­ත්වී­මට නිය­මිත ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සහ­භාගි වන ශ්‍රී ලංකා පිල හොඳ විශ්වා­ස­ය­කින් මුහුණ දෙන බව නායිකා චමරි අත­පත්තු පැව­සු­වා.

කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩා පිටියේ ඊයේ පැවති මාධ්‍ය හමු­ව­කදී ඇය පැව­සුවේ අව­සන් පූර්ව වට­යට පිවි­සී­මට හොඳ අව­ස්ථා­වක් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *