ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද එංගලන්තයට
එංගලන්තයේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අද පෙරවරුවේ එංගලන්තය බලා පිටත්ව ගියා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් කාන්තා පිලට එක්ව සිටි දඟ පන්දු යවන ශෂිනි ගිම්හානි ආබාධයක් හේතුවෙන් අවසන් මොහොතේ ඉවතට ගිය අතර, ඒ වෙනුවට වේග පන්දු යවන චේතනා විමුක්ති කණ්ඩායමට එක්ව ඇත.
17 හැවිරිදි ශෂිනි ගිම්හානි ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත.
මේ මස 12 සිට ජූලි 5 දක්වා එංගලන්තය සහ වේල්සය පුරා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල හොඳ විශ්වාසයකින් මුහුණ දෙන බව නායිකා චමරි අතපත්තු පැවසුවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ අවසන් පූර්ව වටයට පිවිසීමට හොඳ අවස්ථාවක් ඇති බවයි.

