ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථානයක්
මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් නවීන පහසුකම්වලින් සමන්විත ශාරීරික යෝග්‍යතා සහ ගෘහස්ථ පුහුණු මධ්‍යස්ථාන විවෘත වීම අනාගතයේදී ඉහළම මට්ටමේ දස්කම් සපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිවීමට හේතුවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.
වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙන්ම ඕනෑම වයස් කාණ්ඩයකට අයත් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු පුහුණු පහසුකම්වලින් සමන්විත High Octane ශාරීරික යෝග්‍යතා සහ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය පසුගියදා වැල්ලවත්ත, පාමංකඩදී විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ මහේල ජයවර්ධන මහතා මේ අදහස් පළ කළා.
ජාතික තලයට සේන්දු වීම සඳහා යොවුන් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපිරි මේ ශාරීරික යෝග්‍යතා සහ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු වේගපන්දු යවන්නකු වන නුවන් සොයිසා සහ පිතිහරඹ පුහුණුකරු ජුලියන් වුඩ් මහත්වරු ද, High Octane ශාරීරික යෝග්‍යතා සහ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන බන්දුල වීරසිංහ, අෂාන්ති වීරසිංහ, ඩැරින් වීරසිංහ සහ ටෂාලි වීරසිංහ මහත්ම මහත්මීහුද එක්ව සිට්යා.

