free web stats

ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට ගෘහස්ථ පුහුණු මධ්‍ය­ස්ථා­න­යක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් නවීන පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත ශාරී­රික යෝග්‍යතා සහ ගෘහස්ථ පුහුණු මධ්‍ය­ස්ථාන විවෘත වීම අනා­ග­ත­යේදී ඉහ­ළම මට්ටමේ දස්කම් සපිරි ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් බිහි­වී­මට හේතු­වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජය­ව­ර්ධන පව­සනවා.

වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට මෙන්ම ඕනෑම වයස් කාණ්ඩ­ය­කට අයත් ක්‍රීඩ­ක­යන්ට අවශ්‍ය සියලු පුහුණු පහ­සු­ක­ම්ව­ලින් සම­න්විත High Octane ශාරී­රික යෝග්‍යතා සහ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍ය­ස්ථා­නය පසු­ගි­යදා වැල්ල­වත්ත, පාමං­ක­ඩදී විවෘත කිරීමේ අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක්වූ මහේල ජය­ව­ර්ධන මහතා මේ අද­හස් පළ කළා.

ජාතික තල­යට සේන්දු වීම සඳහා යොවුන් ක්‍රීඩ­ක­යන්ට අවශ්‍ය සියලු යටි­තල පහ­සු­කම් සපිරි මේ ශාරී­රික යෝග්‍යතා සහ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍ය­ස්ථා­නය විවෘත කිරීමේ අව­ස්ථා­වට හිටපු වේග­පන්දු යව­න්නකු වන නුවන් සොයිසා සහ පිති­හ­රඹ පුහු­ණු­කරු ජුලි­යන් වුඩ් මහ­ත්වරු ද, High Octane ශාරී­රික යෝග්‍යතා සහ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් වන බන්දුල වීර­සිංහ, අෂාන්ති වීර­සිංහ, ඩැරින් වීර­සිංහ සහ ටෂාලි වීර­සිංහ මහත්ම මහ­ත්මී­හුද එක්ව සිට්යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *