ඉන්ධන නෞකා 2ක් හෙට සහ අනිද්දා මෙරටට
තවත් ඉන්ධන නෞකා 2ක් හෙට(10) සහ අනිද්දා(11) මෙරටට ලඟා වන බව ඛනිජතෙල් නීතීගත සංස්ථාව පවසනවා.
එහි කළමණාකරන අධ්‍යක්ෂ මයුරු නෙත්තිකුමාර සඳහන් කළේ, ඩීසල් මෙට්‍රික් ටොන් 28,000ක් රැගෙන නෞකාවක් සිංගප්පුරුවේ සිට ලබන 11 වෙනිදා මෙරටට ලඟා වන බවයි.
මේ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,000ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 29,000ක් රැගත් නෞකාවක් හෙට(10) මෙරටට පැමිණෙන බවයි.
මේ අතර මේ වනවිට ඩීසල් මෙට්‍රික් ටොන් 32,000ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 7,200ක් රැගෙන ආ නෞකාවක ඉන්ධන මේ වනවිට කොළඹ වරායේ ගොඩබාමින් තිබෙනවා.

