අධිකරණය ගැන ජනතා විශ්වාසය පලුදු වෙලා
අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවැති විශ්වාසය මේ වන විට පලුදු වී ඇති බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා වැඩ්දුරටත් පැවසුවේ,
අධිකරණය ගැන තිබෙන විශ්වාසය අද වන විට ගිලිහී ගිහිං. ඊට හේතුවක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පුරප්පාඩු 4ක් තිබෙනවා. අභියාචානාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් තිබෙනවා.
ජ්‍යෙෂ්ඨතාව අනුව පක්ෂ දේශපාලනයෙන් තොරව මෙම පත් කිරීම් සිදු කරනවා. සරණ ගුණවර්ධන නඩු තීන්දුව දුන්නා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2017 වසරේදී විජයදාස රාජපක්ෂ මහතා කියන විට කොරහේ කිඹුල්ලු දකින්න එපා කියලා කට්ටිය කීවා. දින 11කට පෙර කෙටි පණිඩුඩ යවමින් මේ පාස්කු ප්‍රහාරය ගැන කීවා. ශානිලා එහෙම ඒ කාලයේ ආණ්ඩුවත් එක්ක වැඩ කළානේ.
ගුරුවරුන් බඳවා ගැනීමට තරග විභාගයක් පසුගියදා පැවතුණා. උපාධිධාරින් සහ සංවර්ධන නිලධාරින් අතර මේ සම්බන්ධයෙන් ගැටුමක් නිර්මාණය වෙලා. වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ඒ ගැනත් ආණ්ඩුව සොයා බලන්න. අපේ රටේ 4.7ක ආහාර හිඟයක් තිබුණා අපේ කාලයේ. ඊයේ පෙරේදා ඒ සංඛ්‍යාවට තවත් 1.3ක් එකතු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව සෝමාලියාවක් බවට දැන් පත්වෙලා තිබෙනවා. ලෝක ආහාර වැඩසටහනේ අලුත්ම සමීක්ෂණ මඟින් තමයි ඒ බව ප්‍රකාශ කර තිබෙන්නේ.
ඊශ්‍රායලයේ රැකියාවලට අපේ තරුණයන් යන්න හදනවා. ඒ ගැන රජයේ අවධානය යොමු කරන්න ඕන. ෆෝටෝන් බස් රථ මෙරටට ගෙන්වා තිබෙනවා. නමුත් අපේ කන්ද උඩරටට සුදුසු වන්නේ ලේලන්ඩ් ගණයේ බස් රථ. තලංගම මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරක් තිබෙනවා. එය නිට්ටඹුවට ගෙනියන්න හදනවා. කොළඹ තමයි පුනරුත්ථාපනය කරන්න අය ඉන්නේ. ඒ නිසා ඒ ආයතනය කොළඹම තියන්න ඕන.

