කොලොන්නාවේ “දිට්වා”නිවාස වන්දි ප්‍රදානය අද සිදු ව්ය
“දිට්වා” ස්වභාවික ආපදාවෙන් ව්‍යසනයට පත් කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ජනතාවට ‘නිවාස වන්දි ප්‍රදානය’ කිරීමේ තවත් පියවරක් අද දින කොලොන්නාව පුරාණ විහාරස්ථානයේ දී සිදුකෙරුණා.
ඒ කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.
‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ මෙම වන්දි මුදල් ලබාදීම සිදුකෙරෙන අතර මේ යටතේ අර්ධ හානි සිදුවූ නිවාස ප්‍රතිසංස්කරණය කරගැනීම වෙනුවෙන් එක් නිවාස හිමියෙකුට රුපියල් ලක්ෂ පහක හානිපූර්ණ වන්දි ලබාදීමට කටයුතු කරන අතර, එම මුදල ලක්ෂ තුනක් සහ ලක්ෂ දෙකක් ලෙස අදියර දෙකකින් ලබාදීමට ද කටයුතු කෙරෙනවා.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 501 මුල්ලේරියාව උතුර, 501 ඒ අඹතලේ, 502 උඩුමුල්ල උතුර, 502 සී රාජසිංහගම, 504 ඒ බැලගම, 505 කොටිකාවත්ත නැගෙනහිර, 506 මහබුත්ගමුව ඒ, 506 ඒ කුඩාබුත්ගමුව, 506 බී බටලන්දහේන, 506 සී මහබුත්ගමුව බී, 506 ඩී මහබුත්ගමුව සී, 507 වෙන්නවත්ත, 508 කිත්තම්පහුව, 508 ඒ වෙලේවත්ත, 509 කොටුවිල, 509 ඒ සේදවත්ත, 509 සී හල්මුල්ල, 510 ඒ ඔරුගොඩවත්ත, 510 බී කුරුණියාවත්ත, 511 ඒ දහම්පුර සහ 513 ඒ මෙගොඩ කොලොන්නාව යන ග්‍රාම නිලධාරි වසම් 21 හි පදිංචි වන්දි හිමියන් 1,004 දෙනෙකුට මූලික අදියරෙහිදී ලබාදෙන ලක්ෂ තුනක වන්දි මුදලට අදාල චෙක්පත් අද ලබාදීම සිදුකෙරුණා.
මෙම අවස්ථාවට කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති (වැ. බ.) චන්ද්‍රසිරි පරණවිතාන,එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන සුමිත් සුනන්ද, ටී. මුණසිංහ, තිලක් සිල්වා, නිල්මිණී ගර්ලැක්, චාන්දනී මානෙල් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් දිනේෂ් චන්ද්‍රරත්න, යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ ද ග්‍රාම නිලධාරීහු, ආර්ථික සංවර්ධන නිලධාරීහු සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහ වන්දිලාභීහු විශාල පිරිසක් ද එක්ව සිටියා.
Photos






