හිටපු පොලිස්පති සියදිවි හානි කරගනී
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙනවා.
තලාහේන පිහිට් ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බව සඳහන්වේ.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.
පොලිස් මධ්‍ය ප්‍රකාශක සහකාර පොලිසි අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ තලාහේනේ පිහිටි නිවසේදී ඔහුගේ සේවා ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඇති බවයි.
දේහය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර තිබේ.
මිය යන විට ඔහුගේ වයස 63ක්.
මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්විය.

