කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්
ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් විස්සයි20 තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක Shamar Joseph දැඩි පීඩනයක් එල්ල කළා.
ඔහු සිය පන්දුවාර 4 තුළ ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කර දැමීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ පන්දු 27කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 1ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.
ඉනිමේ මුල් පෙළ ශක්තිමත් කළ කමිල් මිෂාර ලකුණු 28ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය තීරණය කෙරෙන මෙම අවසන් තරගය ජය ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් හිමිව ඇත.

