free web stats

දැනට පව­තින විප­ක්ෂය කාටුන් විප­ක්ෂ­යක්

දූෂිත දේශ­පා­ල­න­ඥ­යන්ට උප­රිම දඬු­වම් ක්‍රියා­ත්මක කරන වත්මන් ආණ්ඩුවට අපේ ආශී­ර්වා­දය ලබා­දෙන බවත් රජය පෙර­ළී­මට කවර කණ්ඩා­ය­මක් හෝ සංවි­ධා­න­යක් උත්සාහ දරන්නේ නම් එය කිසි­සේත් අනු­මත නොක­රන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අම්බ­ල­න්තො­ටදී පෙරේදා (13) පැවසූවා.

අද රටට අව­ශ්‍යව ඇත්තේ රටට ආද­රය කරන විප­ක්ෂ­යක් හෙයින් දැනට පව­තින විප­ක්ෂය කාටුන් විප­ක්ෂ­යක් බවද සරත් ෆොන්සේකා මහතා වැඩි­දු­ර­ටත් පැවසූවා.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක් වූ සරත් ෆොන්සේකා මහතා පැවසූවේ,

“වත්මන් ආණ්ඩුවට වසර පහක ජන­ව­ර­මක් ලබාදී තිබෙ­නවා. එම ජන­ව­රම යටතේ උප­රිම ලෙස දූෂි­ත­යන්ට දඬු­වම් ලබා­දීම ක්‍රියා­ත්මක වෙනවා. අපි රජ­යට ආශී­ර්වාද කර­නවා. ආණ්ඩුව පෙර­ළන්න කවර හෝ කණ්ඩා­ය­මක් උත්සාහ කරන්නේ නම් අපි එය අනු­මත කරන්නේ නැහැ. මේ අයට මෙම වසර පහ කර­ගෙන යෑමට ඉඩ දිය යුතුයි. ජන­තාව ඊළ­ඟට තීර­ණය කාරවි, මේ අය දිගට තියා­ග­න්න­වාද නැති නම්, වෙනත් කණ්ඩා­ය­මක් බල­යට පත්ක­ර­න­වාද යන්න. එසේ නැතිව දැනට කර­ගෙන යන වැඩ පිළි­වෙළ හොඳ වැඩ­පි­ළි­වෙ­ළක් බව පෙනී යනවා.

අද රටට අවශ්‍ය වී ඇත්තේ උගත් බුද්ධි­මත්, කාර්ය ශූර විප­ක්ෂ­යක්. අද තිබෙන විප­ක්ෂය කාටුන් විප­ක්ෂ­යක්. රටට ආද­ර­යක් නැති විප­ක්ෂ­යක්. දවසේ මොනවා හරි කියලා ජන­තාව හිනා­ග­ස්වන කාටුන් විප­ක්ෂ­ය­කින් වැඩක් නැහැ.

එම නිසා මෙම වසර පහ රජ­යට වැඩ කර­ගෙන යන්න, එයට සහය දැක්වී­මට හොඳ විප­ක්ෂයේ කණ්ඩා­ය­මක් අවශ්‍ය වී තිබෙ­නවා.

දූෂිත දේශ­පා­ල­න­ඥ­යන්, දූෂිත රජයේ නිල­ධා­රීන් සිටින තාක්කල් මේ රට ඉදි­රි­යට ගෙන යෑමට නොහැකි වී තිබෙ­නවා. එම නිසා නැවත රට බංකො­ලොත් කරපු අය දලු­ලා­ගෙන එන්න පටන් අරන් තිය­නවා. ජන­තාව ඒ අයට පිළි­තුරු ලබාදී තිබෙ­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *