දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක්
පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත සුරක්ෂිතතාව සුරැකීම රජයේ සහ ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව, සමස්ත රටේම ජනතාවගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
මහව, වලස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (18) එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
එහිදීඋත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩ්දුරටත් පැවසූවේ,
“මෙම පාසල දියුණු කිරීමට රජයේ මැදිහත්වීමට අමතරව ප්‍රදේශවාසීන් සහ පාසල් හිතවතුන් දක්වන කැපවීම අගය කළ යුතුයි. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත සුරක්ෂිතතාවය සුරැකීම රජයේ සහ ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව, සමස්ත රටේම ජනතාවගේ වගකීමක්.2026 වසර වන විට මූලික අවශ්‍යතා නොමැති පාසල් නොතිබිය යුතුයි, ඒ වෙනුවෙන් රජය කඩිනමින් මැදිහත් වනවා. දක්ෂ හෝ අදක්ෂ දරුවන් ලෙස වර්ගීකරණයක් කරන්න බැහැ. සෑම දරුවෙකුටම යම් හැකියාවක් තියනවා. එම හැකියාවන් හඳුනාගෙන ඔවුන්ව ඉහළට ඔසවා තැබීම අධ්‍යාපන පද්ධතියේ වගකීමයි.”
රජය සිදුකරන සියලු ආයෝජනවල අවසාන අරමුණ වන්නේ ප්‍රායෝගිකව සිතන, නිර්මාණශීලී සහ ශක්තිමත් පුරවැසියන් බිහිකිරීම බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලෝකයේ විවෘත වන නව ක්ෂේත්‍ර ජයග්‍රහණය කිරීමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අග්‍රාමිත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළා.

