අක්ෂේ රවීනා වසර ගණනාවකට පසු කරන්න යන දේ
90 දශකයේ බොලිවුඩයේ අතිශය ජනප්‍රිය පෙම්වතුන් යුවළක් වූ අක්ෂේ කුමාර් සහ රවීනා ටැන්ඩන්, වසර ගණනාවකට පසු නැවත වරක් එකම චිත්‍රපටයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට සූදානම් වනවා.
ඔවුන් දෙදෙනා මෙලෙස රංගනයෙන් දායක වන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත අහමඩ් කාන්ගේ ‘Welcome To The Jungle’ චිත්‍රපටයටයි.
1994 වසරේ තිරගත වූ සුපිරි හිට් චිත්‍රපටයක් වන ‘මොහ්රා’ චිත්‍රපටයෙන් පසු, 1995 වසරේදී රවීනා සහ අක්ෂේ අතර ප්‍රේම සබඳතාවක් ආරම්භ වූ අතර 90 දශකයේ අගභාගයේදී ඔවුන් රහසින් විවාහ ගිවිස ගෙන තිබුණා. කෙසේ වෙතත් පසුව එම සබඳතාව බිඳ වැටුණා.
කෙසේ නමුත් ඉදිරියේදී තිරගත වීමට නියමිත අහමඩ් කාන්ගේ ‘Welcome To The Jungle’ චිත්‍රපටය තුළින් නැවත වරක් අක්ෂේව සහ රවීනාව ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට එකට දැකගැනීමට අවස්ථාව සැලසෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

