උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලා මේ සතියේ නඩු දානවා
උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලීමේ නඩුවක් මේ සතියේ අධිකරණය හමුවේ ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ මහතා මෙසේ පැවසුවේ පක්ෂ කාර්යාලයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවේදී.
සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට සූදානම් වීමට දරුවන්ට ඕනෑම වසරකදී මාස 24ක කාලයක් ලැබෙන නමුත් මෙවර පළමුවරට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට මාස 21කට අඩු කාලයක් ඒ සඳහා ලැබීම අසාධාරණ බැවින් උසස් පෙළ විභාගය කල් දමන ලෙස පිවිතුරු හෙළ උරුමය ඇතුළු විවිධ කණ්ඩායම් ඉල්ලීම් කර තිබුණා.
දෙවන හෝ තුන්වන වතාවට විභාගයට පෙනී සිටින දරුවන්ටත් දින 178ත් 198ත් අතර කාලයක් ලැබුණු නමුත් මෙවර ලැබී ඇත්තේ 133ක් පමණයි. මේ අතර කවුරු මොනවා කිව්වත් අපි එක දවසකින්වත් උසස් පෙළ විභාගය කල් දාන්නේ නැහැ යනුවෙන් ආණ්ඩුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත්තේ දරුවන්ගේ බලාපොරොත්තු කඩවීම ගැන අසංවේදීව යැයිද ඒ මහතා කියා සිටියා.

