free web stats

උසස් පෙළ කල් දම­න්නැයි ඉල්ලා මේ සතියේ නඩු දානවා

උසස් පෙළ විභා­ගය කල් දමන ලෙස ඉල්ලීමේ නඩු­වක් මේ සතියේ අධි­ක­ර­ණය හමුවේ ගොනු කරන බව පිවි­තුරු හෙළ උරු­මයේ නායක නීතිඥ උදය ගම්ම­න්පිල මහතා පවසනවා.

ඒ මහතා මෙසේ පැව­සුවේ පක්ෂ කාර්යා­ලයේ ඊයේ (22) පැවැති මාධ්‍ය හමු­වේ­දී.

සාමා­න්‍ය­යෙන් උසස් පෙළ විභා­ග­යට සූදා­නම් වීමට දරු­වන්ට ඕනෑම වස­ර­කදී මාස 24ක කාල­යක් ලැබෙන නමුත් මෙවර පළ­මු­ව­රට උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින දරු­වන්ට මාස 21කට අඩු කාල­යක් ඒ සඳහා ලැබීම අසා­ධා­රණ බැවින් උසස් පෙළ විභා­ගය කල් දමන ලෙස පිවි­තුරු හෙළ උරු­මය ඇතුළු විවිධ කණ්ඩා­යම් ඉල්ලීම් කර තිබුණා.

දෙවන හෝ තුන්වන වතා­වට විභා­ග­යට පෙනී සිටින දරු­ව­න්ටත් දින 178ත් 198ත් අතර කාල­යක් ලැබුණු නමුත් මෙවර ලැබී ඇත්තේ 133ක් පම­ණයි. මේ අතර කවුරු මොනවා කිව්වත් අපි එක දව­ස­කි­න්වත් උසස් පෙළ විභා­ගය කල් දාන්නේ නැහැ යනු­වෙන් ආණ්ඩු­වෙන් නිවේ­ද­න­යක් නිකුත් කර ඇත්තේ දරු­වන්ගේ බලා­පො­රොත්තු කඩ­වීම ගැන අසං­වේ­දීව යැයිද ඒ මහතා කියා සිටි­යා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *