free web stats

මගේ සෙල්ලම් බඩු කියා කාර් පෙන්වූ රොනාල්ඩෝ

ධන­ව­තෙ­කුට බොහෝ මිල අධික දේවල් මිල දී ගත හැකි නමුත්, සෑම ධන­ව­තෙ­කු­ටම මෙවැනි ගරාජ නොමැත.

ලොව වැඩිම වැටුප් ලබන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටි­යානෝ රොනාල්ඩෝ සතුව ඉහ­ළම වටි­නා­ක­මක් ඇති මෝටර් රථ 40ක් පමණ ඇතැයි වි‍දෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වස­ර­කට ඇස්ත­මේ­න්තු­ගත ඔස්ට්‍රේ­ලි­යානු ඩොලර් මිලි­යන 430ක පමණ ආදා­ය­මක් හිමි (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 9,922ක් පමණ) රොනාල්ඩෝ සතු නව­තම මාදි­ලියේ ෆෙරාරි, බුගාටි, ලැම්බෝ­ගිනි, රෝල්ස් රොයිස්, මැක්ල­රන් හා මර්ස­ඩීස් ඇතුළු උසස් නිෂ්පා­ද­න­ව­ලින් සම­න්විත මෝටර් රථ එක­තු­වක් ඇත.

ක්‍රිස්ටි­යානෝ රොනා­ල්ඩෝගේ තම පෞද්ග­ලික ගරා­ජයේ සිට ඡායා­රූප තුනක් පළ කර­මින් ඉන්ස්ට­ග්‍රෑම් සට­හ­නක වචන දෙක­කින් ශීර්ෂ පාඨය කර තිබූ ‘මගේ සෙල්ලම් බඩු’ ලෙසින් මෝටර් රථ පෙළ ප්‍රද­ර්ශ­නය කළා.

සති­යක් ඇතු­ළත එයට ලයික් මිලි­යන 26.5කට වඩා සහ අද­හස් ලක්ෂ 4කට ආසන්න ප්‍රමා­ණ­යක් ලැබී තිබෙනවා.

පිටි­යෙන් පිටත රොනා­ල්ඩෝගේ මෝටර් රථ එක­තුව ඔහුගේ පාපන්දු ක්‍රීඩාව තරම්ම ජන­ප්‍රිය බව මෙයින් පෙනී යන කරු­ණක් වේ.

2026 ලෝක කුස­ලා­න­යෙන් පෘතු­ගා­ලය ඉවත් වීමෙන් පසු, 41 හැවි­රිදි රොනාල්ඩෝ ඒ වන විට නිවා­ඩු­වක් ගත කර­මින් සිටි­යා.

ඔහු ස්පාඤ්ඤයේ මැලෝ­ර්කාහි තම පවුලේ අය සමඟ කාලය ගත කර­මින් සිටි­යදී තම මෝටර් රථ එක­තුව රසි­ක­යන්ට පෙන්වූවා.

රොනා­ල්ඩෝගේ පෞද්ග­ලික ගරා­ජය සැබ­වින්ම ප්‍රද­ර්ශ­නා­ගා­ර­යකි.

විශේ­ෂ­යෙන් සාදන ලද බුගාටි වෙය­රෝන් 16.4 ග්‍රෑන්ඩ් ස්පෝට්ස් රථ­යක් තිබේ. නව බුගාටි ටුව­ර්බි­ලෝන් රථය පම­ණක් පවුම් මිලි­යන 3.2ක් පමණ (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 140ක් පමණ) වේ. බිංදුවේ සිට පැයට කිලෝ­මී­ටර 100 දක්වා වේග­වත් වීමට තත්පර 2ක් පම­ණක් ගත­වන මැක්ල­රන් සෙන්නා වර්ගයේ රථ­යක් ද ඇත. එහි වටි­නා­කම ඩොලර් මිලි­යන ගණ­නකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *