මෙසීගෙන් ලෝක වාර්තාවක්
ලෝක කුසලාන තරගාවලියේදී ලයනල් මෙසී වසර 68ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දැමීය. වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව ජෝර්දාන් කණ්ඩායම සමඟ තරගයේදී ගෝල 3-1ක් ලෙස ජය වාර්තා කළ අතර, එහි තෙවැනි ගෝලය වාර්තා කළ මෙසී ලෝක කුසලාන තරගාවලියේ අඛණ්ඩව තරග හතකදී ගෝල ලබා ගැනීමේ දුර්ලභ වාර්තාව පිහිටු විය.
ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදු පාපන්දු ක්රීඩකයකු අඛණ්ඩව තරග හතකදී ගෝල ලබාගෙන නැත.
මේ වාර්තාව පිහිටුවීමේ මෙසීගේ ගමන ආරම්භ වූයේ 2022 කටාර්හි පැවති ලෝක කුසලාන පිළිමලුන් පිටුදැකීමේ අදියරේ සිටය. ලෝක කුසලාන තරග හයකදී අඛණ්ඩව ගෝල ලබා ගැනීමේ වාර්තාව ප්රංස පුරාවෘත්තයක් වන ජස්ට් ෆොන්ටේන් සතුව පතිබූ අතර, ඔහු 1958 ලෝක කුසලාන තරගාවලියේදී එම දක්ෂතාව ප්රදර්ශනය කළා.
පසුව 1970 ලෝක කුසලාන තරග හයකදී අඛණ්ඩව ගෝල ලබා ගනිමින් බ්රසීලයේ ජෙයාර්සින්හෝ ද එම වාර්තාව සම කර ගත්තා.

