free web stats

ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වැඩවීමක්

වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ගත වූ පැය 24ක කාලය තුළ පමණක් රෝගීන් 2,604ක් වාර්තා වී ඇති බවද එම ඒකකය පෙන්වා දී තිබෙනවා.

සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් 52.50%ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 32,054ක් වේ.

එමෙන්ම දකුණු පළාතෙන් රෝගීන් 9,674ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,237ක් ලෙස වාර්තා වී ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් නිවේදනය කරන්නේ මධ්‍යම පළාතෙන් රෝගීන් 4,823ක් ද, නැගෙනහිර පළාතෙන් රෝගීන් 2,979ක් ද, වයඹ පළාතෙන් රෝගීන් 2,778ක් ද වාර්තා වී ඇති බවයි.

ඌව පළාතෙන් රෝගීන් 1,550ක්, උතුරු මැද පළාතෙන් රෝගීන් 1,013ක් සහ උතුරු පළාතෙන් රෝගීන් 957ක් වශයෙන් වාර්තා වී ඇත.

දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 12,445ක් වේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,282ක් වාර්තා වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් ප්‍රමාණය 4,428 ක් වේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,092ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,802ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,588ක් ලෙස ද වාර්තා වේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,501ක් ද, කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙන් රෝගීන් 2,557ක් ද, හම්බන්තොටින් රෝගීන් 1,745ක් ද වාර්තා වී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,649ක්, කුරුණෑගලින් රෝගීන් 1,629ක්, මඩකලපුවෙන් රෝගීන් 1,220ක් සහ පුත්තලමෙන් රෝගීන් 1,149ක් වශයෙන් වාර්තා වී තිබෙනවා.

කල්මුණේ ප්‍රදේශයෙන් රෝගීන් 784ක්, මොනරාගලින් රෝගීන් 776ක්, බදුල්ලෙන් රෝගීන් 774ක් සහ යාපනයෙන් රෝගීන් 708ක් වාර්තා වේ.

මීට අමතරව කළුතර සෞඛ්‍ය විද්‍යායතන බලප්‍රදේශයෙන් රෝගීන් 678ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 656ක් ද, ත්‍රිකුණාමලයෙන් රෝගීන් 563ක් ද, අනුරාධපුරයෙන් රෝගීන් 531ක් ද, පොළොන්නරුවෙන් රෝගීන් 482ක් ද සහ අම්පාරෙන් රෝගීන් 412ක් ද වාර්තා වී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 365ක් වාර්තා වන අතර අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වවුනියාව (94), මන්නාරම (64), කිලිනොච්චි (56) සහ මුලතිව් (35) යන දිස්ත්‍රික්කවලිනි.

නවතම දත්තවලට අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *