free web stats

මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට – Update

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා.

මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවයි.

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි

මීගමුව බන්ධනාගාරය ඇතුළත යළිත් නොසන්සුන් වී තිබෙනවා.

ඊයේ ඇතිවූ තත්ත්වයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණද මේ වනවිට යළි එහි නොසන්සුන් තත්ත්වය නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරු 1ට පමණ ගැටුමක් හටගෙන තිබුණා.

රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසූවා.

ගැටුමෙන් රැඳවියන් 02 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 38 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *