free web stats

දසුන් ශානක මේජර් ලීග් ක්‍රිකට් ඉති­හා­සය අලුත් කරයි

ශ්‍රී ලංකා කණ්ඩා­යමේ හිටපු නායක දසුන් ශානක පන්දු 4කදී පිට පිට කඩුලු 4ක් දවා ගනි­මින් අමෙ­රි­කානු මේජර් ලීග් ක්‍රිකට් ඉති­හා­සයේ අඛ­ණ්ඩව පන්දු හත­ර­කදී කඩුලු 4ක් දවා­ගත් පළමු ක්‍රීඩ­කයා ලෙස ඊයේ ඉති­හා­ස­යට එක් විය.

ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩා­ය­මට එරෙ­හිව දසුන් ශාන­කගේ සියැ­ටල් ඕර්කාස් කණ්ඩා­යම ලකුණු 9කින් ජය­ග්‍ර­හ­ණය වාර්තා කළ අතර, ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩා­ය­මට අව­සන් ඕව­රයේ ලකුණු 15ක් අව­ශ්‍යව තිබූ අතර, දසුන් එම අව­සන් ඕව­රය යවා ‘හැට්ට්‍රික්’ එකක් සමඟ දක්ෂතා ප්‍රද­ර්ශ­නය කළා.

මුලින් පන්දු­වට පහර දුන් සියැ­ටල් ඕර්කාස් කණ්ඩා­යම ඕවර 20කදී ලකුණු 121ක් ලබා­ගත් අතර, ටෙක්සාස් සුපර් කිංග්ස් ලකුණු 112කට දැවී යද්දී දසුන් ලකුණු 26කට කඩුලු 4ක් බිඳ­හෙළා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *