රුසියාවෙන් යුක්රේන අගනුවරට ප්‍රහාරයක්
සතියක් ඇතුළත යුක්රේනයේ කීෆ් අගනුවරට රුසියාවෙන් දෙවැනි වරටත් මහ පරිමාණයේ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වෙනවා.
යුක්රේන අගනුවර ඉලක්ක කරමින් රුසියානු හමුදාව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයට මිසයිල 68ක් සහ ඩ්‍රෝන 351ක් ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියානු හමුදාවට සිය මිත්‍ර රටවලින් පේට්‍රියට් මිසයිල ලැබෙනතුරු යුක්රේනයේ නේවාසික ගොඩනැඟිලිවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වනු ඇතැයි යුක්රේන ජනාධිපති වොලිදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
රුසියානු හමුදාව විසින් එල්ල කරනු ලැබූ එම බැලැස්ටික් මිසයිලවලින් එක් මිසයිලයක් හෝ බිම හෙළීමට යුක්රේන හමුදාව අසමත් වී ඇති අතර, ජනාධිපති සෙලෙන්ස්කි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මිසයිල නාශක පද්ධතිවල පවතින දැඩි හිඟය ඊට හේතු වී ඇති බවයි.
කීෆ් අගනුවර ආරක්ෂා කරගැනීම සඳහා ගුවන් ආරක්ෂණ පද්ධතියක් සැපයීම සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත නේටෝ සංවිධාන සමුළුවේදී පියවර ගන්නා ලෙස ඔහු මිත්‍ර පාර්ශ්වික රටවලින් ඉල්ලා සිටි බවද වාර්තා වේ.

