free web stats

ඉන්දි­යාව පරදා එංගලන්තයට ජය

එංග­ලන්ත කණ්ඩා­යම සමඟ නොටි­න්හැ­ම්හිදී පැවති තෙවැනි විස්සයි20 තර­ග­යෙන් ඉන්දි­යා­වට ලකුණු 125ක පරා­ජ­යක් අත්විය.

මේ සමඟ තරග 5කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 2-0ක් ලෙස පෙර­මුණ ගැනී­මට සත්කා­ර­කයෝ සමත් ව්ය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් එංග­ල­න්තය දුන් ලකුණු 202ක ඉල­ක්කය හඹා ගිය ඉන්දීය පිලට ඕවර 11.4කදී සිය­ල්ලන් දැවී රැස්කළ හැකි වූයේ 76ක් පමණි. මෙය විස්සයි20 පිටි­යේදී ලකුණු පර­ත­රය අනුව ඉන්දි­යාව ලැබූ විශා­ලම පරා­ජය ලෙස ඉති­හා­ස­යට එක් විය. මින් පෙර ලකුණු පර­ත­රය අනුව ඔවුන්ගේ විශා­ලම පරා­ජය වූයේ නව­සී­ල­න්තය හමුවේ ලකුණු 80කින්.

මේ තර­ග­යේදී ඉන්දි­යාවේ ලකුණු 76 වාර්තා අත­රට එක්වූයේ වසර 18කට පසු රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. ඔවුන් විස්සයි20 පිටි­යේදී 2008 වසරේ ඔස්ට්‍රේ­ලි­යාව හමුවේ දැවී ගිය ලකුණු 74 ඉති­හා­සයේ අඩුම ලකුණු සංඛ්‍යාව විය. ඉන්දි­යාව අව­ස­න්ව­රට ක්‍රීඩා කළ තරග 5න් 4ක්ම පරා­ජය වීම ද කැපී­පෙ­නෙන අතර, එක් තර­ග­යක් විස­ඳු­ම­කින් තොරව නිමා වී තිබේ.

මේ තර­ග­යේදී වෛභව් සූර්ය­වංශි දෙවැනි වර­ටත් අසා­ර්ථක වෙමින් ලකුණු 13කට දැවී ගි අතර, එය ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *